Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2017 13:25:20 Hours

පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

දිවයිනේ සංචාරයක නිරතව සිටින පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) 21 දෙනෙකුගෙන් සමන්විත හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි සඳුදා (‍24) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවු නියෝජිත පිරිසේ ප්‍රධානි කොමදෝරු සහිඩ් සොහයිල් රාඕ 2009 වසරේ අවසන් වු මානුෂිය මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳව මෙන්ම සංහිඳියාව ඇති කරලිම වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබිය.

මෙම සාකච්ඡාව අවසානයේ දි යුද්ධ හමුදාධිපතිතුමන් සහ නියෝජිත පිරිසේ ප්‍රධානියා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපදේශක මණ්ඩලයේ නිලධාරිණියක්, පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් ඉර්ෂාඩ් කාන්, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රියල් වික්‍රමරත්න, යුධ සේවා ලේකම් මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයසුන්දර සහ පුහුණු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජි.වී. රවිප්‍රිය මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජි.වී රවීප්‍රිය විසින් මානුෂිය මෙහෙයුම සහ එහි නව ප්‍රවණතාවයන් පිළිබඳව ඉදිරිපත් කිරිමක් සිදු කරමින් නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබිය.

Authentic Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News