Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2017 14:54:02 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අලුත් අවුරුදු උත්සවය

2017 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද උදාවත් සමඟ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා ඇතුලත් අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 14 දින සිට 18 දින දක්වා නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම මත අලුත් අවුරුදු දින උදෑසන චාරිත්‍රනුකූල කිරි ඉතිරවිමෙන් පසු තේ මේසයකින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

එදින සන්ධ්‍යාවේ දී කෝකිලායි විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය තිස්සපුර තිලකාලංකාර ස්වාමින් වහන්සේ විසින් බෝධි පුජා පිංකමක් පවත්වා මියගිය රණවිරුවන්ට පිං පැමිණවිමක් ද සිදු කළ අතර, සෙනසුරාදා (15) වන දින උන්වහන්සේගේ සහභාගිත්වයෙන් සම්ප්‍රදානුකූල හිස තෙල් ගෑමේ උත්සවය ද එම මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි මුලදීප විහාස්ථානයේ දී සිදු කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩලය ද එම අවස්ථාවට එක්ව සිටිහය.

මේ අතර, අඟහරුවාදා (18) දින කඳවුරු පරිශ්‍රයේ පැවති සම්ප්‍රදායික ජන ක්‍රිඩා සහ විනෝදාත්මක ඉසව්වන්ගෙන් සමන්විත අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා ආඥාපතිවරයා පැමිණි අතර ජාතික ධජය එසවිමෙන් අනතුරුව සියලුදෙනා එක්ව ජාතික ගිය ගායනා කරමින් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දල්වා බක්මහ උළෙල වැඩ කටයුතු ආරම්භ කරන ලදි. එම මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ බලසේනාවන් හී භට පිරිස් මේ සඳහා එක්ව සිටියහ.

Authentic Nike Sneakers | NIKE AIR HUARACHE