18th April 2017 14:08:12 Hours
බහුවිධ හැකියාවන්ගෙන් යුත් යුද්ධ හමුදා භට පිරිස් සහෝදර හමුදාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයන් සමඟ එක්ව අද (17) උදෑසන වන විටත් විපතටපත් මීතොටමුල්ල ප්‍රදේශයේ දී බර යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් සහන සේවා කටයුතුවල නිරත වූ අතර, තවදුරටත් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව එම ස්ථානයේ අනතුරට පත්වුවන් සෙවිමේ කටයුතු සිදු කරනු ලබයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (17) සන්ධ්‍යාවේ ද එම ස්ථානයට පැමිණ ගලවාගැනිමේ සහ සහන මෙහෙයුම්හි ප්‍රගතිය පුද්ගලිකවම සොයා බෑලු අතර, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් යුද්ධ හමුදාධිපතිවරයා වෙත වත්මන් මෙහෙයුම් කටයුතු පිළිබඳව දැනුවත් කිරිමක් ද එහිදි සිදු කළහ.
අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්විමෙන් සිය ගණනක් වූ භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC), මිනින්දොරු දෙපාර්තමේන්තුවේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා පිඨයේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ භූ විද්‍යා හා නායයෑම් පර්යේෂණ ඒකකය මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි වෘත්තීයවේදීන් කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගේ පූර්ණ සම්බන්ධිකරණය ද ඇතිව සිදු වූ හානිය සහ මෙම ස්ථානයේ ඉදිරියේ දී ඇතිවිය හැකි අනතුරුදායක තත්වයන් පිළිබඳ මුලික තක්සේරු කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදි. එමෙන්ම විපතට පත් වූ ප්‍රදේශය පිළිබඳව නිරික්ෂණය කිරිමෙන් අනතුරුව බලධාරීන් විසින් එය ‘අනතුරුදායක කලාපයක්’ ලෙස සලකා ඒ අසල ජිවත්වන පවුල් 130 ක් වෙනත් ස්ථානයක පදිංචි කරවන ලෙස නිර්දේශ කිරීම ද මෙහිදි සිදු කළහ.
මේ වන විට අවතැන්වුවන් ටෙරන්ස් එන් ද සිල්වා මහා විද්‍යාලයේ ස්ථානගත කර සිටින අතර, ඔවුන් වෙනුවෙන් බලධාරීන් විසින් පාසල් පරිශ්‍රය තුල තාවකාලික සනිපාරක්ෂක පහසුකම් සහ පානීය ජල පහසුකමි සපයා දී ඇත.
තවද, යුද්ධ හමුදාධිපතිගේ මඟපෙන්විමෙන් යුද්ධ හමුදා රෝහලේ ගිලන් රථ සමඟින් වෛද්‍ය කණ්ඩායම් දෙකක් පැය 24 පූරා ඕනෑම හදිසි අවස්ථාවක් වෙනුවෙන් වෛද්‍ය පහසුකමි සැපයීමට ස්ථානගත කර ඇත.
සිකුරාදා (14) පස්වරුවේ මෙම ආපදා තත්වය ඇතිවීමත් සමඟම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම ස්ථානයට පැමිණි අතර, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ අණදීම යටතේ 14 වන සේනාංකයේ භට පිරිස් හට, අවශ්‍ය ගලවාගැනීම් සහ සහන ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ද ලබාදෙන ලදි.
මෙහි දි භට පිරිස් අනතුරට පත්වුවන් මුදවාගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන අතර, අනෙකුත් සහෝදර හමුදාවන් හා පොලිසියේ සහාය ඇතිව සුන්බුන් අතර සිර වී ඇති මියගිය අයවලුන්ගේ සිරුරු සෙවිමේ කටයුතුවල නිරත සිටියි. එමෙන්ම එම ස්ථානයේ ස්ථානගත කර ඇති විශේෂ ක්‍රියාන්විත මැදිරිය විසින් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඇතිව විපතට පත් ජනතාවගේ තොරතුරු වාර්තා කර ගනු ලැබේ.
සඳුදා (17) උදෑසන වන විට 1060 ක් පමණ වන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් ද මෙම සහන මෙහෙයුම්වල නිරතව සිටින අතර, මේ සඳහා ත්‍රිවිධ හමුදාවට සහ මහා නගර සභාවට අයත් කැනීම් යන්ත්‍ර සහ ට්‍රිපර් රථ 15 බැගින් යොදවා ඇත.
නාගහමුල්ල, දහම්පුර, නීලගේවත්ත සහ විසිතුනේවත්ත යන ප්‍රදේශවාසීන් මෙහිදි විපතට පත් වී ඇති අතර, කාන්තාවන් 13 ක් සහ හඳුනානොගත් අයෙකු ද ඇතුලුව මරණ 28 ක් මේ වන විට වාර්තා වී ඇත.
Adidas footwear | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!