Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2017 14:39:07 Hours

24 වන සේනාංකයේ භට පිරිස් ‘සරණ’ වැඩිහිටි නිවාසයේ දී නව අවුරුද්ද සමරයි

24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම්. මුදලිගේ ගේ යෝජනාවකට අනුව එම සේනාංකයේ නිලධාරීන් 05 ක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් සිකුරාදා (14) දින අම්පාර, ‘සරණ’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 40 ක් සඳහා දිවා ආහාරය ලබාදෙන ලදි.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා භට පිරිස් ස්වේච්ඡාවෙන්ම සිය දායකත්වය දැක් වූ අතර, නේවාසික වැඩිහිටියන්ගේ මානසික සුවය හා රසවින්දනය වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ද පවත්වන ලදි. අනතුරුව එම වැඩිහිටියන් වෙත ත්‍යාග පාර්සල් ලබාදුන් අතර, ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.

සේනාංකාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Mysneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today