Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2017 13:13:17 Hours

මීතොටමුල්ල ප්‍රදේශයේ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා යුද හමුදාවේ පුර්ණ සහයෝගය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ, ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් සමඟින් නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සාමාජිකයන් මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද නායයෑම හේතුවෙන් විපතට පත් ජනතාව ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතව සිටින අතර ඉරිදා (16) වන විට මළ සිරුරු 26 ක් සොයාගන්නා ලදි. මේ පිළිබඳව අද සවස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති විශේෂ රැස්විමේ දී ස්ථිර නිවාස ඉදිකරදෙන තෙක් එම පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාව ඇතුලු සියලු බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

ආරක්ෂක සේවාවන්, පොලිස් සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විපතටපත් ප්‍රදේශය වෙත පැමිණ සුන්බුන් ඉවත් කරමින් තවමත් ජීවත්ව සිටින අයවලුන් මෙන්ම මියගිය අයවලුන්ගේ සිරුරු සෙවිමේ කාර්යයන්හි නිරතව සිටියි. එමෙන්ම යුද හමුදාවේ සහ අනෙකුත් සහෝදර සේවාවන් විසින් බර යන්ත්‍රෝපකරණ, ට්‍රැක්ටර් සහ වාහන උපයෝගී කර ගනිමින් මෙමඟින් බලපෑම එල්ල වූ ප්‍රදේශවල කුණු කසල ඉවත් කිරීම සිදු කරන අතරම සනීපාරක්ෂක කටයුතු මෙන්ම හදිසි සෞඛ්‍ය පහසුකම් සැපයීම ද සිදු කරනු ලැබේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති එම රැස්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ද සහභාගි වූහ.

affiliate link trace | Nike for Men