Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2017 18:01:11 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සහ අගරදගුරුතුමන් හමුවේ

නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර අඟහරුවාදා (11) දින මඩකලපුව අගරදගුරු අතිඋතුම් ආචාර්ය ජොශප් පොන්නයියා පියතුමන් සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පි.එස්.එම්. චාර්ලස් මහත්මිය හමුවිය.

මෙම සුහඳ හමුවිම්වල දී මඩකලපුව දිස්ත්‍රික්කයේ ආගමික, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික කටයුතු මෙන්ම ප්‍රදේශයේ ජන ජීවිතය පවත්වාගෙනයාම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම් පි.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හමුවිමෙන් අනතුරුව එම හමුව සංකේතවත් කරමින් ආඥාපතිවරයා විසින් සංකේතාත්මකව සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වල, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පි. නිවුන්හැල්ල ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

url clone | Nike Shoes