Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2017 20:40:10 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් වෙතින් ප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙත නව නිවසක්

කලාඔය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආසන්නව රණවරපිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් යන වයසේ ළමුන් හතරදෙනෙකු සිටින දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජිවත්වන පියෙකු වෙත නව අවුරුදු ත්‍යාගයක් ලෙස නව නිවසක් ලබාදීම අඟහරුවාදා (11) දින සිදු කරන ලදි.

ස්ථිර ආදයම් මාර්ගයක් නොමැතිව ඉතා දුෂ්කර ජිවිතයක් ගත කළ කේ. බැසිල් කුලතුංග මහතා සහ එම ළමුන් පිළිබඳව අවධානය යොමුකළ යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ භට පිරිස් හි ශ්‍රමදායකත්වය ඇතිව මෙම නව නිවස ඉදිකරනු ලැබීය.

ඒ අනුව යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බි.ටි. හත්නාගොඩගේ මඟපෙන්විම යටතේ පරිත්‍යාගශීලින්ගේ සහාය ඇතිව මෙම පුහුණු මධ්‍යස්ථානයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ සහ පුහුණුලාභීන් විසින් මෙම නව නිවස ඉදිකරන ලදි.

අඟහරුවාදා (11) දින පැවති චාම් උත්සවයක දී යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් කේ. බැසිල් කුලතුංග මහතා වෙත නව නිවසෙහි යතුර ප්‍රදානය කළ අතර, මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව නිවසට ගෙවදීම සිදු කළහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sport media | Women's Nike Superrep