Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2017 20:36:10 Hours

ඩෙංගු මර්ධන වැඩසටහනක් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් මේ වන විට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන සවිමත් කිරිමේ අරමුණින් යුතුව ඩෙංගු මදුරු මර්ධන ක්‍රියාකාරි කමිටු පත්කිරිම සහ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අඟහරුවාදා (11) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ශ්‍රී ලංකා සංඥා බලකා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. අනතුරුව සිවිල් බලධාරීන්ගේ ද සහාය ඇතිව ජනපද පරිශ්‍රය තුල පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළහ.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, හෝමාගම ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් 30 ක් මෙන්ම පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ඩෙංගු කමිටුවේ සාමාජිකයින් වන නිලධාරියෙක් සහ සෙසු නිලයින් 20 ක් සහභාගි වූහ.

මෙම වැඩසටහනේ දී භට පිරිස් සහ වෛද්‍ය කණ්ඩායම විසින් ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සහ තම සේවා ස්ථානයේ මෙන්ම නිවාසයන්හි සනිපාරක්ෂාව පවත්වාගැනීම පිළිබඳව හමුදා ජනපදයේ සිටින භට පිරිස් සහ සිවිල් සාමාජිකයින් දැනුවත් කරනු ලැබීය.

වැඩමුළුවෙන් අනතුරුව පැවති පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා 325 කට අධික භට පිරිසක් සහභාගි වූහ.

jordan Sneakers | UOMO, SCARPE