Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2017 20:42:10 Hours

යුද්ධ හමුදාව ඇතුලු හමුදා සාමාජිකයින්, පොලිස් සහ විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මීතොටමුල්ල ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල නිරත වේ

මීතොටමුල්ල කසල බැහැරකරන ස්ථානයේ අද (14) පස්වරුවේ සිදුවූ නායයෑමෙන් ඒ අසල පිහිටි නිවාස රැසක් විනාශ වූ අතර, එහිදි පීඩාවට පත් වැසියන් වෙත සහන සැලසීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ නිලධාරීන් ද ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් එම ස්ථානය වෙත පැමිණෙන ලදි.

මෙම ආපදා තත්වය පිළිබඳ දැනගත් වහාම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම ස්ථානය වෙත පැමිණ, විපතට පත්වූවන් වෙත කඩිනමින් සහන සලසන ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වෙත උපදෙස් ලබාදුන් අතරම, පුද්ගලිකවම භට පිරිස් අමතමින් ද අවශ්‍ය තවත් උපදෙස් ලබාදෙනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, ගැමුණු හේවා බලකායේ සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මේ වනවිට මෙම සහන කටයුතුවල නිරතව සිටින අතර, එම ස්ථානයේ හටගෙන ඇති සුළු ගිනිගැනීම් තත්වය පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක සහාය ද ලබා දී ඇත.

ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම මත මේ වනවිට සිය ගණනක් වූ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ විශේෂ කාර්ය බලකා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රම බලකාය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සහන කටයුතුවල නිරතව සිටියි. ත්‍රිවිධ හමුදා, පොලිස් සහ විශේෂ කාර්ය බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ද මෙම ආපදා ස්ථානය වෙත පැමිණෙන ලදි.

bridge media | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth