Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2017 12:11:22 Hours

නව නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සේනාංක සහ බලසේනාවන්හි සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අප්‍රේල් මස 7 සහ 8 යන දිනයන්හි දී 24 වන සේනාංකයේ, 241 බලසේනාවේ සහ 242 වන බලසේනාවේ සංචාරයක කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමා ප්‍රථමයෙන් 24 වන සේනාංකයේ සංචාරය කළ අතර, එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ විසින් එතුමන් පිළිගනු ලැබීය. අනතුරුව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමීම සිදුකළහ.

තවද, එහිදී ආඥාපතිතුමන් වෙත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, මෙම සංචාරය සිහිවනු වස් ආඥාපතිතුමන් විසින් 24 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ‘අඹ’ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් භට පිරිස් අමතමින් ඉහළ විනයක් පවත්වාගෙන යමින් පුහුණුවීම් සහ රාජකාරි කටයුතු කරගෙන යන ලෙස අවධාරණය කළහ. අනතුරුව ආඥාපතිතුමා සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයට ද සහභාගි විය.

ඊට පසු දින (08) ආඥාපතිතුමා 241 බලසේනාවේ, 242 වන බලසේනාවේ සහ ඒ යටතේ වන ඒකකයන්හි සංචාරය කරන ලදි. එහිදී එම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් ආඥාපතිතුමා පිළිගත් අතර, අනතුරුව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයන් ද පිරිනමනු ලැබීය. එම ස්ථානයන්හිදී ආඥාපතිතුමා භට පිරිස් ඇමතීම සහ සිය සංචාරය සිහිවනු වස් පැළ රෝපනය කිරීම ද සිදු කළහ.

තවද, එම බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් තම බලසේනා සහ ඒකකයන්හි ඇති පරිපාලන හා ක්‍රියාන්විත අවශ්‍යතා, සුබසාධන කටයුතු මෙන්ම භට පිරිස්වල අවශ්‍යතා පිළිබඳ නව ආඥාපති හා මෙහිදී සාකච්ඡා කරන ලදි.

jordan release date | Nike News