Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2017 22:17:51 Hours

නව ප්‍රධාන සංඥා නිලධාරි රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ නව ප්‍රධාන සංඥා නිලධාරි ලෙස අඟහරුවාදා (11) දින සිය රාජකාරි ආරම්භ කරනු ලැබිය.

පනාගොඩ යුද හමුදා ජනපදයේ පිහිටි ප්‍රධාන සංඥා නිලධාරි මුලස්ථානයේ දී මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, නව තනතුරේ රාජකාරි භාරගැනීම නිමිත්තෙන් ආගමික වතාවත් ද සිදු කළහ.

මහසඟරුවනේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සම්ප්‍රදායකව පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව නව ප්‍රධාන සංඥා නිලධාරී විසින් නිල ලේඛණවලට අත්සන් තබමින් සිය තනතුරේ රාජකාරි භාර ගත් අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්අනතුරුව, ප්‍රධාන සංඥා නිලධාරී විසින් මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් අමතන ලදි.

Authentic Nike Sneakers | Yeezy Boost 350 Trainers