Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2017 22:14:42 Hours

යුද්ධ හමුදා කෘෂිකර්ම උපදේශකයන් විසින් සිවිල් ගොවි ජනතාව දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂක ගේ මඟපෙන්විමෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තෝරාගත් සිවිල් ගොවින් වෙනුවෙන් ‘කෘෂිකර්මය සහ එහි ඵලදායිතාවය’ පිළිබඳ තෛමාසික පුහුණු වැඩසටහන බදාදා (05) දින නාච්චිකුඩා සහ වෙල්ලම්කුලම් ගොවිපලවල් හි දී පැවති උත්සවයක දී අවසන් විය.

මෙම වැඩසටහන 2017 ජනවාරි මස 08 වන දින ආරම්භ වූ අතර, නාච්චිකුඩා ගොවිපලේ පැවති වැඩසටහන සඳහා සිවිල් ගොවින් 25 ක් සහ සෙබලුන් 06 ක් සහභාගි වූ අතර, වෙල්ලම්කුලම් ගොවිපලේ පැවති පාඨමාලාව සඳහා සිවිල් ගොවින් 27 දෙනෙකු සහභාගි වූහ.

මෙහිදි සිවිල් ගොවින් වෙත වගාකිරිම්, පශු සම්පත් කළමණාකරනය, කෘෂි උපකරණ කළමණාකරනය සහ ජලප්‍රවාහන කිරීම පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබාදෙනු ලැබීය.

මෙහි සමාප්ති දේශනය සහ සහතිකපත් ප්‍රදානය වෙල්ලම්කුලම් සහ නාච්චිකුඩා ගොවිපලවල්හිදි පැවති අතර, මෙම අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන සහභාගි වූහ.

මෙහිදි 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන විසින් පුහුණු ලාභීන් වෙත මී මැසි පෙට්ටි ලබාදීම ද සිදු කළහ.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ කපිතාන් බි.බි.යු.ආර්. බණ්ඩාර, කපිතාන් ආර්.එම්.බි. රත්නායක සහ කපිතාන් බි.ජි.කේ. එරන්ද විසින් මෙහි දේශන පවත්වනු ලැබීය.

ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම සිවිල් ජනතාව ද මෙම අවස්ථාවන් සඳහා එක්ව සිටියහ.

buy footwear | Men's Footwear