Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2017 15:08:02 Hours

කිලිනොච්චි, වන්නි සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයන් හී අලුත් අවුරුදු උත්සවයන්

2017 සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද උදාවත් සමඟ දිවයින පුරා ආරක්ෂක සේනා මුලස්ථානයන් හී නිලධාරීන් සහ සෙසුනිලයන් එකිනෙකා සමඟ අත්වැල් බැඳ ගනිමින් සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ කෙළි සෙල්ලම් සහ විනෝද ක්‍රීඩා සමගින් අලුත් අවුරුදු උත්සව පැවැත්විම පසුගිය දින කිහිපය තුල දී සිදු විය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ප්‍රධානත්වයෙන් එම ආරක්ෂක සේනා මුලස්ථාන ‘සූර්ය මංගල්‍ය - 2017’ අවුරුදු උත්සවය ඉරනමඩු වැව්තාවුල්ලේ දී සෙනසුරාදා (08) දින උදෑසන පැවැත් වූ අතර, ඒ සඳහා එම මුලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන් හි භට පිරිස් ද එක්ව සිටියහ.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්.කේතීස්වරන් මහත්මිය, කිලිනොච්චි නියෝජ්‍ය පොලිස්පති එම්. වැලිකන්න මහතා, සේනාංකාධිපතිවරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ‘සූර්ය මංගල්‍ය - 2017’ සඳහා සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහාපාමින් ඉරනමඩු වැව් තාවුලු ගම නමින් ඉදි වූ ආදර්ශ ගම්මානයේහි පැවති මෙම අවුරුදු උත්සවය ආරච්චි ගෙදර, කරත්ත ගෙදර, වැඩ ගෙදර, කම්මල් ගෙදර, කුඹල් ගෙදර, දියවර ගෙදර යන අංගයන්ගෙන් සමන්විත විය.

මෙම අවුරුදු උත්සවය අවසානයේ තරඟ ජයග්‍රහාකයින් වෙත ත්‍යාග ප්‍රදානය ආරක්ෂක සේනා ආඥාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කළහ.

එමෙන්ම, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති අලුත් අවුරුදු උත්සවය එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහ තුෂාරි කුලතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (06) දින එම සේනාංක මුලස්ථාන ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතික ධජය එසවිමෙන් අනතුරුව සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දල්වා උත්සවයේ වැඩකටයුතු ආරම්භ කළ අතර, එහිදි ගොනි රෙස්, අලියාට ඇස තැබිම, ලිස්සන ගසේ නැගීම, කණා මුට්ටි බිඳිම, බනිස් කෑම, කොට්ටපොර තරඟ, සැඟවුණු අමුත්තා සෙවිම, සුප්පුවෙන් කිරි බීම, පොල්අතු විවීම, කඹ ඇඳිම, සංගීත පුටු තරඟය, විකට ඇඳුම් තරඟය, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම, ඉදිකටුවට නුල දැමිම, අවුරුදු කුමාරි තේරීම, අවුරුදු කුමාරයා තේරිම ඇතුලු තවත් සම්ප්‍රදායික තරඟ පවත්වනු ලැබූහ.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් අඟහරුවාදා (11) දින දියතලාව, මුතුකුමරු ක්‍රීඩාංගණයේ දී සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය සමරන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සහභාගි විය.

ජනක්‍රීඩා සහ වි‍නෝදාත්මක තරඟ ඉසව් ගණනාවකින් සමන්විත වූ මෙම නව අවුරුදු උත්සවයේ දී මධ්‍යම ආරක්ෂක සේනා භට පිරිස් විසින් පිටිසර ගමක ආකෘතියක් ද නිර්මාණය කර තිබුණු අතර, යුද හමුදා ගායකයින් සහ නර්තන ශිල්පීන්ගෙන් මෙම උත්සවය තවත් වර්ණවත් විය.

සම්භාවනීය අමුත්තන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ජයග්‍රහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කිරිමත් සමඟ එදින වැඩසටහන අවසන්විය.

Authentic Nike Sneakers | nike fashion