Header

Sri Lanka Army

Defender of the Nation

12th April 2017 15:05:42 Hours

65, 52, 51 සහ 24 සේනාංක සහ කලාඔය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේහි මහත් ඉහළින් අලුත් අවුරුදු උත්සවයන්

කිලිනොච්චි ආරකෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 සහ 52 යන සේනාංකයන්හි දී එම සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ මඟපෙන්විමෙන් මහත් ඉහළින් අලුත් අවුරුදු උත්සව පවත්වන ලදි.

සිකුරාදා (07) දින පුනකරී පැරණි ලන්දෙසි කොටුවේ පැවති 66 වන සේනාංක අවුරුදු උත්සවය සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර, පුනකරී පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් ද එක්ව සිටියහ.

මෙහිදි දමිළ තරුණයින් සහ සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන් කොට්ටපොර, ලිස්සන ගසේ නැඟීම, කඹ ඇඳිම, විකට ඇඳුම් තරඟය ආදි තරඟ ඉසව් පැවැත් වූ අතර, එම ජයග්‍රහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සිදු කළහ.

මීට අමතරව, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකය සිකුරාදා (07) දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී සිංහල සහ හින්දු නව අවුරුදු උත්සවය පවත්වන ලදි. 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ මඟපෙන්විමෙන් පැවති මෙම අවුරුදු උත්සවයේ දී ජන ක්‍රීඩා සහ විනෝදාත්මක අංගයන් පැවැත්විය. ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ බටහිර සංගීත කණ්ඩායම විසින් රැස්ව සිටි අයවලුන් සඳහා සංගීත ආස්වාදය ලබාදෙන ලදි.

රබන් ගැසීම, ගෝනි රෙස්, අලියාට ඇස තැබිම, ලිස්සන ගසේ නැඟීම, සැඟවුණු අමුත්තා සෙවිම, බාධක දිවිම, පොල් අතු විවීම, හැන්දමත දෙහිගෙඩිය තබාගෙන යාම, කඹ ඇඳිම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරඟ ඉසව් මෙහිදි පැවැත් වූ අතර, ජයග්‍රහකයින් වෙත වටිනා ත්‍යාග එහිදි පිරිනමනු ලැබීය.

මෙම අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු සඳහා 52 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනා සහ ඒකකයන්ගේ සහාය ලබාදෙන ලදි.

මීට අමතරව, සෙනසුරාදා (08) දින 51 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරාගේ උපදෙස් මත ජන ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රීඩා සමඟින් සිංහල හා දමිළ නව අවුරුදු උත්සවය පවත්වන ලදි.

24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම්. මුදලිගේ මඟපෙන්විමෙන් අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මුලස්ථානයේ නව අවුරුදු උත්සවය ඉරිදා (09) දින පවත්වන ලදි.

24 වන සේනාංකයට අයත් යුද හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව සිටි මෙම අවුරුදු උත්සවයේ දී කොට්ටපොර, අලියාට ඇස තැබීම, ලිස්සන ගසේ නැඟීම, සැඟවුණු අමුත්තා සෙවිම, කඹ ඇඳිම, විකට ඇඳුම් තරඟය ඇතුලු තවත් තරඟ ඉසව් පැවැත් වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ සංගීත කණ්ඩායම විසින් මේ සඳහා සංගීතය සැපයීම සිදු කළහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ 24 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ජයග්‍රහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

එමෙන්ම සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අලුත් අවුරුදු උත්සවය සිකුරාදා (07) දින ප්‍රදේශයේ සිවිල් වැසියන් 1500 කගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි. විවිධ නව අවුරුදු තරඟ මෙන්ම විනෝදාත්මක ඉසව් ද මෙහි විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඊ.එම්.ආර්.බි.ටි. හත්නාගොඩ සහභාගි වු අතර, තරඟ ඉසව්වන් වල ජයග්‍රහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කිරිම ද සිදු කළහ.

jordan release date | NIKE