Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2017 12:08:17 Hours

ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ භට පිරිස් පළමු සංවත්සර දිනය සමරයි

ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ භට පිරිස් මතුගම, පැළවත්ත ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ දී එම බලකායේ පළමු සංවත්සර දිනය සමරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ රෙජිමේන්තු මුලස්ථානය 2016 පෙබරවාරි මස 16 වන දින පැලවත්ත ප්‍රදේශයේ දී ඇරඹිමට පෙර, 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකාය ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව යටතේ 1957 ජුලි මස 5 වන දින ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ මෙම සංවත්සරය ඔවුන් රෙජිමේන්තුවක් ලෙස 2016 පෙබරවාරි මස 16 අරම්භ වු පසු පවත්වනු ලබන පළමු සංවත්සරය වේ.

එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් වෙත මෙදින එම මුලස්ථාන පරිශ්‍රයේ දී කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ මියගිය රණවිරුවන් සිහිකිරිම වෙනුවෙන් එම මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරිමක් සහ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි.

ඉන් පසුව ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එම අවස්ථාව සිහිකිරිම සඳහා එම පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කරන ලදී.

තවද කොනොනි සමාජශාලාවේ දී පැමිණ සිටි සියලුදෙනා වෙත පළතුරු සංග්‍රහයක් පිළිගැන්වුයේ ‘නිරෝගිමත් දැයක් නිරෝගිමත් හමුදාවක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරිමටයි.

සංවත්සර වැඩසටහන අවසානයේ දී සහතික පිරිනැමීමක් සහ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගි විය.

Nike Sneakers | Sneaker & Lifestyle News