Header

Sri Lanka Army

Defender of the Nation

08th April 2017 12:01:16 Hours

වසරේ තෙවන වරටත් යුද හමුදා රෝහලෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ජාතික ලේ බැංකුවේ ගබඩා කර ඇති රුධිර වර්ගවල හිඟතාවය පිරිමසා ගැනීම සඳහා බ්‍රහස්පතින්දා (06) දින කොළඹ යුද හමුදා රෝහල් පරිශ්‍රයේ පැවති තෙවන ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 270 ක් සහභාගි වන ලදි.

යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහගේ මගපෙන්විම යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන අවසානයේ දී රැධිර පයින්ට් 270 ක් එක්රැස්වී තිබුණි.

කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ හෙද කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙහිදි රුධිරය එකතු කිරිමේ කටයුතුවල හා වෛද්‍ය පරික්ෂණ කටයුතුවල නිරත විය.

මෙහිදි රුධිර පරිත්‍යාග කළ සෑම සාමාජිකයෙකු හට ඇගයිමක් ලෙස වැලිකඩ, ප්‍රිමියර් ජාත්‍යන්තර පුද්ගලික සමාගමේ (Premier International (Pvt) Ltd, Welikada) අනුග්‍රහයෙන් ටිෂර්ටයක් පිරිනමන ලදි.

මෙම වැඩසටහනේ ආරම්භක උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

Mysneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov