Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2017 18:00:41 Hours

වන්නි ප්‍රදේශයේ ගොවිතැන් කරන සිවිල් වැසියන් 23 දෙනෙකු වෙත කෘෂිකාර්මික පුහුණුවක්

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ සහ යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂකගේ මඟපෙන්විම යටතේ එම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තොරාගත් ගොවි ජනතාව වෙත සිදු කරන ලද ත්‍රෛමාසික කෘෂිකර්ම වැඩසටහන බදාදා (05) දින වවුනියා මෑනික් ෆාම් හී පැවති උත්සවයක දී අවසන් විය.

කෘෂිකර්මය සඳහා වු ජාතික වැඩසටහනට සමගාමීව පැවති මෙම ත්‍රෛමාසික පාඨමාලාව 2017 ජනවාරි මස 08 දින ආරම්භ විය.

මෙම පාඨමාලාව සඳහා ගොවින් 23 දෙනෙකු සහභාගි වු අතර එහිදි ඔවුන් වෙත වගාවන් පිළිබඳව නීයාත්මක හා ප්‍රයෝගික දැනුම, පශුසම්පත් කළමනාකරණය, කෘෂි උපකරණ කළමනාකරණ හා ජල සම්පත් කළමනාකරණය, පිළිබඳ දැනුම ලබාදෙන ලදී.

ආර්.පි.ජි. බුද්ධික, එම්.කේ. දිල්ශාන් සහ එස්.පි. රූපසේන යන අයවලුන් පිළිවෙලින් පාඨමාලාවේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගන්නා ලදී.

යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ කපිතාන් එස්.අයි.කේ. විතාන සහ කපිතාන් කේ.එම්.එන්.සි. ජයරත්න විසින් මෙම පාඨමාලව සඳහා උපදේශක සහය ලබාදෙනු ලැබිය.

මෙම පාඨමාලාවේ සාමාප්ති උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් 213 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.එම්.එස්.පි.බි. සමරකෝන් සහභාගි වු අතර, එහිදි සහභාගි වුවන් හට සහතිකපත් ප්‍රදානය එතුමා විසින් සිදු කරන ලදී.

ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

jordan Sneakers | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4