Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2017 15:35:48 Hours

වෘත්තීය පුහුණුවේ වැදගත්කම අවධාරණය කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංවිධායකත්වයෙන් යුද හමුදා සාමාජිකයින් විශ්‍රාමයෑමට ප්‍රථම වෘත්තීය පුහුණුවක් ලබාගැනීමේ වැදගත්කම පිළිබඳව විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහනක් අඟහරුවාදා (04) දින පැවැත් වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 400 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විමෙන් මෙම වැඩසටහන සංවිධානය කළ අතර, එහිදි විශ්‍රාම යෑමට ප්‍රථම වෘත්තීය පුහුණුවක් හැදැරීමේ වැදගත්කම පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදී.

කලාඔය, සාලියවැව යුද හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් බි.ඩි. ශෂික පෙරේරා, අනුරාධපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු නිලධාරී චමින්ද විජේදාස මහතා විසින් මෙම දැනුවත් කිරිමේ ‍දේශන පැවැත් වූ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගරයේ දී මෙම වැඩසටහන පවත්වනු ලැබිය.

best Running shoes brand | nike