Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2017 17:01:52 Hours

මදුරු මර්ධන වැඩසටහන සඳහා කිලිනොච්චි භට පිරිස්හි දායකත්වය

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සහ 65 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් ද ඇතුලු යුද හමුදා සාමාජිකයින් 150 ක් අප්‍රේල් 4 සහ 5 යන දිනයන්හි දී කිලිනොච්චි නගරයේ සහ මුලන්කාවිල් ප්‍රදේශයේ ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්ධන සතිය සඳහා දායකත්වය ලබාදෙන ලදි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමිව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විම මත 57 වන සේනාංකයේ භට පිරිස් කිලිනොච්චි පොදු වෙළඳපොළ, දුම්රියපොළ, බස් නැවතුම්පොළ, කල්මඩුනගර්, විශ්වමඩුනගර් සහ පරන්තන් යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය දියත් කළහ. සෞඛ්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධිකරණයෙන් යුද හමුදා සාමාජිකයින් 130 ක් මේ සඳහා සහභාගි වූහ.

මීට අමතරව, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මේ හා සමානම වැඩසටහනක් අඟහරුවාදා (04) දින සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ සිවිල් වැසියන්ගේ සහාය ඇතිව පවත්වන ලදි. ඒ අනුව එම වැඩසටහන මුරුගන් කෝවිල් පරිශ්‍රය, පොදු ස්ථාන මෙන්ම හින්දු සහ කතෝලික ආගමික ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළහ.

latest Running Sneakers | Sneakers