Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2017 09:40:16 Hours

3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් භාවනා මධ්‍යස්ථානය අසල වූ පස් කන්ද කපා ඉවත් කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සෙනසුරාදා (01) දින නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බලප්‍රදේශයේ පිහිටි මහමෙව්නා භාවනා මධ්‍යස්ථානය අසල ඇති පස් කණ්ඩිය කපා ඉවත් කරන ලදී.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යු.එ්ස්. විතානගේ ගේ මඟපෙන්විම මත 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධික්ෂණයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන සිදු කරනු ලැබීය.

මේ සඳහා 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දස දෙනෙකුගෙන් යුත් භට පිරිසක් සිය ශ්‍රමදායකත්වය දැක් වූ අතර, එම භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසය කරනු ලබන සංඝයා වහන්සේලා විසින් ඔවුන් වෙත ආශීර්වාද කිරීම ද එහිදි සිදු කළහ.

Mysneakers | Mens Flynit Trainers