03rd April 2017 17:14:22 Hours
යුද්ධයේ දී මියගිය සිවිල් සේවකයින් 123 කට පිං අනුමෝදන් කිරිම හා යුද්ධයේ දී ආබාධිත වු සිවිල් සේවකින් 16 කට ඉක්මන් සුවය ප්‍රර්ථනා කිරිම යන අරමුණු මුලික කරගෙන පානාගොඩ ශ්‍රි බෝධිරාජාරාමයේ දී සර්ව රාත්‍රීක පිරිත් සජ්ඡායනාවක් හා භික්ෂුන් වහන්සේලා 123 නමකට දානය පිළිගැන්විමක් මාර්තු 31 වන දින සහ අප්‍රේල් 01 වෙනිදා සිදු විය.
සිකුරාදා (31) දින රාත්‍රි පිරිත් සජ්ඡායනාව සඳහා සිවිල් පරිපාලන අධ්‍යක්ෂගේ ආරාධනයෙන් ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද හමුදාපතිතුමන් නියෝජනය කරමින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මෙම අවස්ථාවට සහභාගි විය.
ඉතා අලාංකාරවත් ආකාරයෙන් නිමවු පිරිත් මණ්ඩපය වෙතට නර්ථන කණ්ඩායම් සහ බෙරවාදකයන් පෙරටු කරගෙන මහා සංඝයා වැඩම කළ සිටියහ.
අනතුරුව, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් පැරණි චාරිත්‍ර වලට අනුව මහා සංඝයාට දැහැත් වට්ටියක් පුජාකර පසු දින උදැසන දක්වා පිරිතට ආරාධනා කලේ ධාතු කරඩුව පිරිත් මණ්ඩපයට වැඩම කළ පසුවය.
මහා සංඝයා වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ පුජ්‍ය කිරින්ද අස්සජි ස්වාමින් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම අනුශාසනාවක් සිදු කළ අතර එහිදි මෙම අවස්ථාව සංවිධානය කිරිම වෙනුවෙන් යුද හමුදාව ඇගයු අතර යුද්ධයේ දි නැතිවු සිවිල් සේවකයින් වෙනුවෙන් සිදු කරන මෙම පුණ්‍ය කර්මය අගය කරන ලදී. තවද නැතිවු සිවිල් සේවකයින් වෙනුවෙන් මෙහිදි පිං අනුමෝදන් කල අතර ආබාධිත වු සිවිල් සේවකයින් 16 දෙනාටද ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන ලදි.
සිවිල් පරිපාලන අධ්‍යක්ෂ එල්.ඩි.සි. මහානාම මහතාගේ ආරාධනයෙන් මියගිය සිවිල් සේවකින්ගේ ලඟම ඥාතින් පවුලේ සාමාජිකයින් ආබාධිත සිවිල් සේවකයින් දැනට රාජකාරි කරන සිවිල් සේවකයින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ මෙම අවස්ථාවට සහභාගි විය.
ශ්‍රී ලංකා බෞද්ධ බල මණ්ඩලය සහ සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ විසින් මෙම ආගමික උත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.
පසු දින පුජ්‍ය කොළමැදිරිය විහාරස්ථානයේ පුජ්‍ය කැටපොළ ධර්මරත්න ස්වාමින් වහන්සේ විසින් විශේෂ දේශනයක් සිදු කරමින් නැවත නැතිවු සිවිල් සේවකයන්ට පිං අනුමෝදන් කර ආශිර්වාද කරන ලදී.
Authentic Sneakers | Women's Designer Sneakers - Luxury Shopping