Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2017 17:15:55 Hours

62 වන සේනාංකයේ ජලපිරිපහදු යන්ත්‍රාගාරයක් විවෘත කිරිම

යුද හමුදා සාමාජිකයින් ඇතුලු ප්‍රදේශයේ සිවිල් පවුල් 100 කට අධික ප්‍රමාණයකට පානීය ජලය සැපයීම සඳහා ගල්කුලම හි පිහිටි 62 වන සේනාංක මුලස්ථානයේ ඉදිකළ නව ජල පිරිපහදු යන්ත්‍රාගාරය මෙන්ම ප්‍රධාන පිවිසුම් දොරටුව, වැඩිදියුණු කළ පහසුකම් සහිත ජන අවන්හල සහ නවීකරණය කරන ලද ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රිඩාංගණය විවෘත කිරීම සඳුදා (03) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංගගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

62 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් හි අවශ්‍යතාවය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති කාර්ය සාධන බලකාය වෙතින් දිනකට ලීටර් 10,000 ක් පමණ පිරිසිදු කළ හැකි මෙම විශාල ජල පිරිපහදු යන්ත්‍රය ලබාදෙනු ලැබීය.

ඒ අනුව 62 වන සේනාංකයේ භට පිරිස් වෙත අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පානීය ජලය සැපයෙන බැවින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ විජේසිංහගේ අදහසකට අනුව ප්‍රදේශයේ ගම්වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා කඳවුරු පරිශ්‍රයෙන් පිටත ජල කරාමයක් සවිකර ඔවුන් වෙත පානීය ජලය ලබාදීමට ද කටයුතු කරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග සමඟින් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ විජේසිංහ විසින් ආදාල ව්‍යාපෘතීන් විවෘත කළ අතර, අනතුරුව එම සේනාංක මුලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද හමුවූහ. තවද ප්‍රධාන ආරාධිත අමුත්තා නව සුබසාධන වෙළඳසැල නිරික්ෂණය කළ අතර, ගම්වැසියන් වෙනුවෙන් ලබාදුන් පානීය ජල පහසුකම් පිළිබඳව ඔවුන් සමඟ කතාබහක ද නිරත විය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ටි.ජේ නානයක්කාර, 621, 622 සහ 623 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ගල්කුලම ප්‍රදේශයේ වැසියන් මෙන්ම 62 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් සහ සෙසුනිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Buy Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp