Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2017 15:17:42 Hours

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නිලධාරීනියන් සහ කාන්තා සෙබලියන් කයිතඩි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් හමුවේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සාමාජිකයින් පසුගියදා කයිතඩි ‘ශාන්ති නිලයම්’ වැඩිහිටියන් සඳහා වූ රජයේ නිවාසයේ සංචාරය කළ අතර, එහි නේවාසික වැඩිහිටියන් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් කිහිපයක් ද පවත්වන ලදි.

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරි මේජර් ගීතිකා රන්කොත්ගේ ගේ නායකත්වයෙන් එහි කාන්තා නිලධාරීන්ගේ සහ අනෙකුත් කාන්තා සෙබලියන්ගේ ද සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ. එහිදි එම වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් වෙත කෑම බිම ආදියෙන් සංග්‍රහ කළ අතරම කැලිප්සෝ සංගීතමය අත්දැකීමක් ද ලබාදෙන ලදි.

මෙම වැඩසටහන අවසානයේ එහි නේවාසික වැඩිහිටියන් වෙත ඉංග්‍රීසි චිත්‍රපටයක් නැරඹිමට ද අවස්ථාව උදා කරදෙනු ලැබීය.

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ දෙවන අණදෙන නිලධාරී මේජර් ප්‍රදීපිකා ඉරෝෂනි ඇතුලු කාන්තා නිලධාරීනියන් මෙන්ම කාන්තා සෙබලියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sports Shoes | Nike Shoes