Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2017 08:10:06 Hours

යුද හමුදා රෝහල් හී හෙදියන් සහ පරිපුරක වෛද්‍ය වෘත්තීකයන් දැනුවත් කිරිමේ වැඩමුළුවක්

නිර්වින්දන වේදනා කළමණාකරන සහ දැඩිසත්කාර යන අංශවල හෙදියන් සහ පරිපුරක වෛද්‍ය වෘත්තීකයින් වෙනුවෙන් 24 වන වරට පැවැත් වුණු (Cardio-Pulmonary Resuscitation ) පුහුණු වැඩමුළුව යුද හමුදා රෝහලේ දී සිකුරාදා (24) දින පැවැත්විණි.

මෙම වැඩමුළුව රෝහලේ මාසික වැඩසටහනේ එක් අංගයක් වන අතර මින් රෝහලේ වෛද්‍ය මණ්ඩලය නිරන්තරයෙන්ම සිදුවන වෛද්‍ය අධ්‍යාපන ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කරන අතර යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මුලිකත්වයෙන්ද, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ මෙහෙයවිමෙන් ද, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අනුග්‍රහකත්වයෙන්ද මෙම වැඩසටහන සිදු විය.

24 වන වරට සංවිධානය කල මෙම වැඩමුළුව නිර්වින්දන අංශ ප්‍රධානි කර්නල් දවල පෙරේරා සහ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ලුතිතන් කර්නල් චම්පික අබේසිංහ දෙදෙනා විසින් ලොව පුරා පිළිගත් යුරෝපිය පුණර්ජිවන කවුන්සිලයේ ( European Resuscitation Council ) උපදෙස් වලට අනුව මෙහෙය වන ලදී.

මේජර් යසර් පතිරණ, කපිතන් තිළිණ මධුරංග, වෛද්‍ය උදිත මධුසංක පුහුණු කරුවන් ලෙස වැඩමුළුව අතරතුර රෝගිතත්වයන් හදුනාගැනිම, නිවාරණය පිළිබඳව කිලිනොච්චි යුද හමුදා මුලික රෝහලේ හෙදියන් 5 ක් ඇතුළු හෙදියන් 22 ක් දැනුවත් කරන ලදී.

තවද, සහභාගි වුවන් හෘදයාබාදයන් හදුනා ගැනිම සහ එ් සඳහා සාර්ථකව ප්‍රතිකාර කරනු අයුරු ද පුහුණුවන ලදී. මෙම පුහුණුව යුද හමුදාවේ අනෙකුත් මුලික රෝහල් වල හෙදියන් සහ පරිපුරක වෛද්‍ය වෘත්තීකයන්ට ලබා දිමට ද සැලසුම් කර ඇත.

Sports brands | Nike Running