02nd April 2017 10:46:20 Hours
කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ අද (29) උදෑසන ‘විරුදරු විදු පියස’ නම් වූ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ වයඹ පළාතේ ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 2000 කට විරුසර වරප්‍රසාද කාඩ් පත් පිරිනැමිමේ අවස්ථාවට එක් වූ අතිගරු ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස අමතමින් පසුගිය යුද සමයේ සිදුවුවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරිමට තමා සුදානම් නොමැති බව පවසන ලදි.
මෙහිදි තවදුරටත් ජනාධිපතිතුමා පැවසුයේ ශ්‍රී ලංකාවේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට මෙන්ම රණවිරුවන් පිළිබඳ මතුවන ගැටලු සහගත තත්වයන්වලදී තමන් සෘජුවම ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් තවද යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කළ හමුදා නිලධාරින් , කාර්ය මණ්ඩල සහ රණවිරුවන් පිළිබඳ මතුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් තමා වගකියන බවත් ජාතික ආරක්ෂාවට අදාළ නොවු කරුණු වලදී එනම් ඝාතණය කිරිම්, පහරදිම් වැනි සිදුවිම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරිමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
තවදුරටත් රුස්වු පිරිස අමතමින් මීට පෙර කිසිදා නොවු විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශ්‍රී ලංකා මාතෘ භුමියට හිමිව ඇති අතර එම ජාත්‍යන්තර සහය සහ මිත්‍රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරිම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බව ජනාධිපතිතුමා විසින් පවසන ලදි.
ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිතුමා ගෙවි ගිය 8 වසර තුළ පාසලේ තත්වය ඉහල නැංවිම සඳහා සිදුකල කාර්යභාර්ය පිළිබඳව ඇගයු අතර, ජනාධිපතිතුමා ළමුන් තුළ ඇති උතුම් ගුණාංග සහ සදාචාරත්මක වටිනාකම්, විනය තුළින් වර්ධනය කිරිමේ වැදගත්කම අවධාරණය කලේය. තවද මෙම පාසල මේ වන විට ලබා ඇති ඉහල ප්‍රගතිය ගැනත් එමගින් මෙම පාසල නව පරපුරට දැනුම ලබාදෙන තෝතැන්නක් බවට පත්වි ඇති අයුරුද වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
උත්සවශ්‍රීයෙන් කුරුණෑගල ‘විරුදරු විදු පියස’ ආරක්ෂක විද්‍යාලයීය තෙමහල් ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීම සහ තවත් රණවිරුවන් 2000 කට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් පිරිනැමීම අද (29) උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන් පසුව සිදු කෙරිනි.
මෙම ස්ථානයට පැමිණි ජනාධිපතිතුමන්ව පාසලේ ළමුන් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, ජනාධිපතිතුමන්ගේ සුරතින් නව ගොඩනැගිල්ලේ සමරු ඵලකය විවෘත කිරිමෙන් පසුව පහ ශ්‍රේණිය ශීෂ්‍යත්ව විභාගය ඉතා ඉහලින් සමත් වු සිසු දරුවන් හට ත්‍යාග පිරිනැමීමක් ද සිදු විය.
වයඹ පළාත් ආණ්ඩුකාරතුමා, කැබිනට් අමාත්‍යවරුන්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, යුද , නාවික, ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය, රාජ්‍ය නිලධාරින්, එක් එක් ව්‍යාපෘතින් සඳහා අනුග්‍රහය දැක් වූ ආයතන නියෝජිතයින්, විරුසර කාඩ්පත් ලාභීන්, ගුරුවරුන්, සිසුන්, රණවිරු පවුල්වල සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් (පාර්ලිමේන්තු මන්ත්‍රි) සහ විදුහල්පති ද මෙහිදි කෙටි වේලාවක් උත්සව සභාව ඇමතූහ.
Sneakers Store | Sneakers