Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2017 11:50:01 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයෙන් තවත් බදාදා දින වැඩසටහනක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සඳහා බදාදා (29) දින තවත් පුහුණු වැඩසටහනක් එම මුලස්ථානයේ ශ්‍රවණාගරයේ දී පවත්වන ලදී.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම යටතේ මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදී.

පුහුණු වැඩසටහනේ දී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඒ.ආර් ඔබෝසේකර විසින් ‘Mess Etiquettes’ පිළිබඳ දේශනයක් ද ලුතිතන් එච්.ජි.එස්.ඒ. සඳරුවන් විසින් ‘Prevention of War and Conflict’ පිළිබඳ දේශනයක් ද සිදු කලහ.

7 වන ශ්‍රි ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ කොප්‍රල් පි.එස්. දිසානායක විසින් සෙසුනිලයින්ට දේශනයක් ද පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් බි.පි.එස්. ද සිල්වා, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් මේ සඳහා සහභාගි වුහ.

bridgemedia | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger