Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2017 08:50:08 Hours

නව කාර්ය නියුක්ත ආඥාපති භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ දී සිය රාජකාරි භාරගනි

කොස්ගම, පිහිටි යුද හමුදා භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ නව කාර්ය නියුක්ත ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්.ආර්. පලිහක්කාර බ්‍රහස්පතින්දා (30) දින සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගන්නා ලදී.

මෙම උත්සවයේ දී නව තනතුරේ රාජකාරි භාරගැනිම වෙනුවෙන් නව කාර්ය නියුක්ත ආඥාපතිහට කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුණු අතර, ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයක් ද පැවැත්විය.

බ්‍රිගේඩියර් ඩබ්.ඒ. පලිහක්කාර මෙම තනතුර භාර ගැනීමට ප්‍රථම, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති ලෙස රාජකාරි කරන ලදී.

මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් ඇතුලු භඨ කාර්ය සම්පාදන රෙජිමේන්තු වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

short url link | Men Nike Footwear