Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2017 15:00:08 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ මළල ක්‍රිඩා තරඟාවලියේ දී 68 වන සේනාංකයේ ක්‍රිඩකයින්ගේ කැපිපෙනෙන දක්ෂතා

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක මළල ක්‍රිඩා තරඟාවලිය 18 වන විජයබාහු ක්‍රිඩාපිටියේ දී අඟහරුවාදා (28) වන දින මුලතිව් බළ ප්‍රදේශයේ පිහිටි සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනාංක සහ ඒකකය හී භට පිරිස් වල සහභාගිත්වයෙන් පැවැත්විණි.

තරඟාවලියේ පිළිගැනිමේ දේශනය සමඟම නිල වශයෙන් තරඟාවලිය 68 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොළ විසින් ආරම්භ කර ඔලිම්පික් පහන දල්වන ලදී. තරඟාවලියේ මුලික වටයන් මාර්තු 27 සහ 28 දිනයන් හී පවත්වන ලදී.

නිලධාරියෙකු සහ සෙසුනිලයින් 149 දෙනෙකු මෙහිදි සියලුම සේනාංක නියෝජනය කරමින් තරඟ ඉසව් 21 කට සහභාගි විය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු තරඟාවලියේ ත්‍යාග ප්‍රදානොත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතර ජයග්‍රහකයින් වෙත ත්‍යාග, කුසලාන, සහතික පත් සහ පදක්කම් ඔහු අතින් පිරිනැමීණි.

මෙවරත් සමස්ථ තරඟාවලියේ ශුරයන් ලෙස 68 වන සේනාංකය ලකුණු 289 ක් ලබා රන් පදක්කම් (13) ක් ද, රිදි පදක්කම් (09) ක් සහ ලෝකඩ පදක්කම් (08) ක් ලබා ගැනිමට සමත් විය. මෙහිදි දක්ෂතම මළල ක්‍රිඩකයාට හිමි කුසලානය 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් බස්නැගේ විසින් දිනාගන්නා ලදී.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම යටතේ සහ 68 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොළගේ අධික්ෂණයෙන් මෙම තරඟාවලිය සංවිධානය කිරිමට හැකිවිය.

මෙම තරඟාවලියේ අරමුණ වුයේ සෙබලුන්ගේ සැගවුණු කුසලතා සහ මළල ක්‍රිඩකයින් ලෙස ඔවුන් තුළ ඇති දක්ෂතා නගා සිටුවිම මගින් ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමකට රැගෙන යාමයි.

ජවන හා පිටිය මළල ක්‍රිඩා වලට අමතරව සමාප්ති උත්සවය විචිත්‍රවත් කරමින් ශාරීරික යොග්‍යතා සංදර්ශනයක්, තුර්ය වාදක සංදර්ශනයක් සහ සංස්කෘතික අංගයන් ද පැවැත් වුයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරි සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙනි.

Running sneakers | Entrainement Nike