Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2017 11:17:26 Hours

නව යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි රාජකාරි අරඹයි

නව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි (30) දින උදෑසන සිය කාර්යාලයේ දී හමුදා සම්ප්‍රදානුකුලව සහ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමා 10 වන කේෂත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නව ආඥාපතිතුමන් එම ආරක්ෂක සේනා මුලස්ථානයට පළිගන්නා ලදී.

කෙටි ආගමික වතාවත් හා සෙත් පිරිත් සජ්ඡායනාවකින් අනතුරුව නිල ලේඛණවලට අත්සන් තබමින් මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි. 51 හා 52 වන සේනාංක වල සේනාංකාධිපතිවරුන් සහ එම මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි විය.

භික්ෂුන් වහන්සේලා ගණනාවක් සහ වෙනත් ආගමික පුජකවරුන්ද මෙම අවස්ථාවට පැමිණ නව ආඥාපතිතුමන් වෙත ආශිර්වාදය පුද කරන ලදී.

අනතුරුව, නව ආඥාපතිතුමන් විසින් මෙම අවස්ථාව සිහිවනු වස් ‘අඹ’ පැළයක් රෝපණය කරන ලදි. ඉන්පසුව භට පිරිස් අමතා ආඥාපතිතුමන් විසින් භට පිරිස් අමතා තමාහට රාජකාරි කිරිමට සියලු දෙනාගේ සහයෝගිතාවය අවශ්‍ය බව අවධාරණය කලේය.

මෙම වැඩසටහන නිම වුයේ නව ආඥාපතිතුමන් සහ අනෙකුත් පිරිස සහභාගි වු ආරක්ෂක සේනා මුලස්ථානයේ කොනොනි සමාජශාලවේ පැවැත් වු සියලු නිල හෝජන සංග්‍රහයෙනි.

නව තනතුරට පත්විමට ප්‍රථම මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කරන ලදී.

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි 1984 වර්ෂයේ මාර්තු මස ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලසේනාවට කැඩෙට් නිලධාරියකු ලෙස බැදි, 1985 නොවැම්බර් 16 වන දින 2/ලුතිතන් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්ත විය. 33 වසරක් පුරා දිවෙන යුද හමුදා සේවා කාලය තුළ මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විවිධ අණ හා මාණ්ඩලික තනතුරුවලත්, ක්‍රියාන්විත ප්‍රදේශ වලත් සේවය කර නොයෙකුත් දේශීය සහ විදේශීය පාඨමාලා ගණනාවකට ද සහභාගි වි ඇත.

1997- 1998 වර්ෂයන් හිදී බංග්ලාදේශයේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාව හදාරා එම විද්‍යාලයේ උපාධි ධාරියකු වන මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඉන්දුනිසියාවේ 2013 ජුලි 2 වන දින සිට 2014 ඔක්තෝම්බර් 9 වන දින දක්වා National Resilience Institute (ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයකට සමාන) පැවති ‘Mastering Education of Strategic and Resilience Studies’ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කර ඇත. මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි 2005 දී කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයෙන් ‘ගැටුම් නිරාකරණය’ (Conflict Resolution) විෂය සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද හිමිකරගෙන ඇත.

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ක්‍රියා කරන තනතුරක් වන පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් තනතුරේ 2012 පෙබරවාරි මාසයේ සිට 2013 ජුලි මස දක්වා රාජකාරි කරන ලදී. හිටපු එල්ටීටීඊ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ වැඩදායී පුරවැසියන් කිරීම උදෙසා එතුමන් දැක්වු දායකත්වය නිසා ශ්‍රී ලංකාවට අදාල ආයතන වලින් බෙහෝ ප්‍රශංසා හිමි විය. තවද මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි තම යුද හමුදා සේවා කාලයේ මුලික අවධියේ දිම යුද පිටියේ අවස්ථා තුනකදි දැක්වු නිර්භිත දක්ෂතා වෙනුවෙන් රණ ශුර පදක්කමෙන්ද පිදුම් ලබා ඇත. එතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ National Security Think Tank හී ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ද වේ.

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි කොළඹ ආනන්ද විද්‍යාලයේ සාඩම්බර ආදී සිසුවෙකු වන අතර අජන්තා කුමාරි ලියනාරච්චි සමඟ විවාහ වී ඔවුනට නේත්‍රා සහ අශ්විණි නමින් දියණියන් දෙපලක් ද සිටිති.

එතුමන් නව තනතුරට පත්විමට පෙර මේජර් ජෙනරල් මහේෂ් සේනානායක එම තනතුරේ රාජකාරි කරන ලදී.

jordan release date | Air Jordan Release Dates 2020