Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2017 08:52:08 Hours

නව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති රාජකාරි අරඹයි

නව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර බදාදා (29) දින එම මුලස්ථානයේ දී හමුදා සම්ප්‍රදානුකුලව චාම් උත්සවයකින් නවතමයෙන් රාජකාරි අරඹන ලදී.

10 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නව ආඥාපතිතුමන් කඳවුරු සම්මාන මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් පිළිගන්නා ලදී.

රාජකාරි භාරගැනිමෙන් අනතුරුව නව ආඥාපතිතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් සිටුවා එම ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් අමතන ලදී.

අනතුරුව, නව ආඥාපතිතුමන් සමඟ සේනාංකාධිපතිවරුන්, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බලසේනාංකාධිපතිවරුවන්, අණදෙන නිලධාරින් සහ එම මුලස්ථානයේ කාර්යමණ්ඩලය සියලුනිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය.

මේජර් ජෙනරාල් නන්දන සෙනාධීර නව තරනතුරේ වැඩ භාරගැනිමට ප්‍රථම 11 වන සහ 12 වන සේනාංකයන් හී සේනාංකාධිපති ලෙස රාජකාරි කරන ලදි.

මේජර් ජෙනරාල් නන්දන සේනාධීර 1984 වර්ෂයේ මාර්තු මස ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලසේනාවට කැඩෙට් නිලධාරියකු ලෙස බැදී, 1985 නොවැම්බර් 16 වන දින 2/ලුතිතන් නිලධාරියකු ලෙස ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත විය. 33 වසරක් පුරා දිවෙන යුද හමුදා සේවා කාලය තුළ මේජර් ජෙනරාල් නන්දන සේනාධීර විවිධ අණ හා මාණ්ඩලික තනතුරු වලත්, ක්‍රියාන්විත ප්‍රදේශ වලත් සේවය කර ඇත. තවද නොයෙකුත් දේශීය සහ විදේශීය පාඨමාලා ගණනාවකට ද සහභාගි වි ඇත.

මෙම දිගු කාලය තුළ ඛණ්ඩභාර නිලධාරි, නිළධාරි අණදෙන, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපදේශක, අණදෙන නිලධාරි 10 වන ගජබා රෙජිමේන්තුව, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, අණදෙන නිලධාරි මුලස්ථාන බළඇණිය යුද හමුදා මුලස්ථානය, අධ්‍යක්ෂ පුහුණු, සාම සාධක පුහුණු පාසලේ ප්‍රථම සේනාවිධායක, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, මින්නේරිය පාබල පුහුණු පාසලේ සේනාවිධායක, මනෝ විද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක, 12 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 11 වන සේනාංකයේ සේනාංකධිපති යන තනතුරු මේජර් ජෙනරාල් නන්දන සේනාධීර විසින් මෙම නව තනතුරේ රාජකාරි භාරගැනිමට පෙර හොබවා ඇත.

චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි හිමියෙකු වන මේජර් ජෙනරාල් නන්දන සේනාධීර ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, දකුණු කොරියාව, මොංගෝලියාව, ජර්මනිය සහ චීනය යන රටවල් වල පුහුණු පාඨමාලාවන් වලට ඉතා සාර්ථක ලෙස සහභාගි වි ඇත.

මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, රේඛා සේනාධීර මහත්මිය සමඟ විවාහ වී ඇති අතර ඔවුනට පුතුන් තිදෙනෙකු සිටිති.

Sportswear Design | Air Jordan