30th March 2017 23:05:38 Hours
ඉරණමඩු ප්‍රදේශයේ හින්දු පුජකයන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 10 ක් ඇතුළු යුද හමුදා සාමාජිකයින් 50 ක් පමණ ඉරණමඩු, කන්කම්බිගි අම්මාන් කෝවිලේ ‘යල’ කන්නයේ වගාකිරිම් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනිමේ අරමුණින් සිදු කල ආශිර්වාද පෙරහැරට පෙර එම කෝවිල් භුමියේ ‘ශ්‍රමාදාන’ වැඩසටහනක් පවත්වන ලදි.
සඳුදා (27) දින භට පිරිස් විසින් මහත් ශ්‍රමයක් යුද හමුදා යන්ත්‍ර සුත්‍රද යොදා ගනිමින් කෝවිල් භූමිය සුද්ධ පවිත්‍ර කලේ පසු දින උත්සවයට සිය ගණනකට වැඩි බැතිමතුන් පිරිසකගේ සහභාගි වන නිසාවෙනි.
උත්සවය පැවති දින භට පිරිස් විසින් බැතිමතුන්ට ආහාරපාන, වෛද්‍ය පහසුකම්, වැසිකිලි පහසුකම් සහ අනෙකුත් පහසුකම් සැපයීම මෙම කෝවිල් පරිශ්‍රය තුලදි සපයන ලදි.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ මඟපෙන්විම යටතේ සියලු සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලදි. මෙහිදි පුජකයින් සහ බැතිමතුන් විසින් ආගමික උත්සවය සාර්ථක කර ගැනීම සඳහා යුද හමුදාව ලබාදුන් සහාය වෙනුවෙන් සිය ස්තුතිය පුද කලහ.
Running sport media | 『アディダス』に分類された記事一覧