30th March 2017 11:47:01 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස නව තනතුරට පත්කිරිම හේතුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සිය තනතුරින් සඳුදා (27) දින සමුගත්හ.
ඒ වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ අතර, එහි පළමු අංගය ලෙස නික්ම යන ආඥාපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමයි. අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව නික්ම යන ආඥාපති වෙත 7 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන පෙළපාලියක් පිරිනැමිම ද සිදු කළහ.
ඉන් අනතුරුව ආඥාපතිතුමා සමුහ ඡායාරූපයකට පෙනිසිටි අතර, භට පිරිස් අමතමින් සියලුදෙනාම තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය ද පුද කළේය.
මේ අවස්ථාවන්ට පෙර මාර්තු මස 25 සහ 26 යන දිනයන්හි දී ආඥාපතිතුමා 22, 23 හා 24 සේනාංක සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරය කළේය.
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, 23 වන සේනාංකයේ මේජර් ජෙනරාල් දම්මික පනන්වල, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් මෙන්ම අණදෙන නිලධාරීන් ද අදාළ සේනාංක සංචාරයන් සඳහා එක්ව සිටියහ.
jordan release date | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK