Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2017 13:59:57 Hours

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) - 2017 වාර්තා රැසක් සමඟින් නිමවේ

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) – 2017, අඟහරුවාදා (28) දින පස්වරුවේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී අවසන් විය.

සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

යුද හමුදාවේ රෙජිමේන්තු 22 ක ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගිත්වයෙන් මාර්තු මස 23 සිට 28 දක්වා මාදුරුඔය, විශේෂ බලකා පුහුණු පාසලේ පැවති මෙම තරඟාවලියේ දී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාකිස්තානු යුද හමුදා ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය (PACES) නියෝජනය කිරිම සඳහා ඉහළම ශාරීරික ජවයකින් සහ ශාරීරික යෝග්‍යතාවකින් යුතු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තොරා ගැනිමේ අරමුණින් සිදු කෙරිනි.

අන්තර් රෙජිමේන්තු ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව හා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය සහ විශේෂ බලකා රෙජිමේන්තුව සමඟ සම්බන්ධිකරණයෙන් යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබේ.

උත්සවය ආරම්භයේ දී පුහුණු අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජි.වි. රවිප්‍රිය සමඟින් විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර රණසිංහ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පිළිගන්නා ලදි.

සමාප්ති උළෙලේ දී මේ සඳහා සහභාගි වූ සියලුම කණ්ඩායම් සිය ධජ රැගෙන ගමන් කළ පෙළපාලිය, යුද හමුදා තුර්ය වාදක කණ්ඩායම් නාදයෙන් සහ යුද හමුදා නර්තන කණ්ඩායමෙන් තවත් වර්ණවත් විය.

අන්තර් රෙජිමේන්තු ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලියේ (PACES) දී 'Sit Ups' තරඟයත්, ' Push Ups ' තරඟය, ‘Pull-Ups’ තරඟය, කිලෝමිටර 3.2 ක් දුර දිවිමේ තරඟය, ‘සංග්‍රාමික කාර්යක්ෂමතා පරික්ෂණය’ (Combat Efficiency Test) තරඟය යටතේ Zig-Zag Run, Fireman Lift, Leopard Crawl, Kitten Crawl, Sprint, 9 Feet Ditch, Ammunition Lift, Grenade Throw සහ 5 Push Ups, Dive Roll Over 3 Feet Hurdle, Weapon Grabbing, Front Roll සහ Five Rounds Fire at Kneeling Position at 1x1 target ඉසව් ද පැවැත්විනි.

මෙම තරඟාවලියේ ශුරතා කුසලානය විශේෂ බලකාය වෙත දිනාගත් අතර, පිළිවෙලින් කමාන්ඩෝ රෙජිමේන්තුව සහ ගැමුණු හේවා බලකාය වෙත දෙවන සහ තෙවන ස්ථාන හිමිවිය.

තවද, විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් පි.සී. කසුන් වෙත සමස්ත තරඟාවලියේ අතිශුරයා හ‍ෙවත් ‘Fitness of the Fit’ වෙත වූ කුසලානය හිමි විය.

සහභාගි වූ අනෙකුත් තරඟකරුවන් සඳහා ලබාගත් ලකුණු පදන්ම කරගෙන කුසලතා සහතික 100 ක් හා සහභාගිත්වය වෙනුවෙන් තවත් සහතික පත් ද මෙහිදි පිරිනමන ලදි.

ත්‍යාග ප්‍රදානය කිරිමෙන් අනතුරුව මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උත්සව සභාව අමතමින් මෙම තරඟාවලියේ සමාප්තිය ප්‍රකාශයට පත්කරන ලදි.

මෙම සමාප්ති උළෙල සඳහා පාබල අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පි.එම්.ආර්. බණ්ඩාර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, පාබල අධ්‍යක්ෂ මෙන්ම මෙහෙයුම් කමිටු ප්‍රධානි බ්‍රිගේඩියර් එච්.ආර්. එන්. ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම තරඟකරුවන් ද සහභාගි වූහ.

Sports News | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ