Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2017 20:56:37 Hours

විශ්‍රාමික වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් දැනුවත් කෙරේ

වෘත්තීය පුහුණුව පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (24) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

යුද හමුදාපතිගේ උපදෙස් මත යුද හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැනීමට ප්‍රථම වෘත්තීය පුහුණුවක් ලබාදීමේ අරමුණින් යුතුව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ පුර්ණ අධික්ෂණය යටතේ එම මුලස්ථාන පරිශ්‍රයේ පැවති මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා නිලධාරින් 60 ක් සහ සෙසු නිලයින් 260 ක් සහභාගි වූහ.

කලාඔය, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් බි.ඩි. සශික පෙරේරා සහ අනුරාධපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වැඩසටහන් නිලධාරී චමින්ද විජේදාස මහතා විසින් මෙහි දේශන මෙහෙයවිය.

latest jordans | Nike Shoes, Clothing & Accessories