Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2017 20:53:10 Hours

‘ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ සමකාලීන අභියෝග’ පිළිබඳ ආසේමු කිලිනොච්චි නිලධාරීන් දැනුවත් කෙරේ

කොළඹ පිහිටි ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ සංවිධායකත්වයෙන් ‘ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ සමකාලීන අභියෝග’ පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් මාර්තු මස 21 සහ 22 යන දිනයන්හි දී කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු , බලසේනාධිපතිවරුන් මෙන්ම අණදෙන නිලධාරීන් 21 ක් ඇතුලු එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම දෙදින වැඩමුළුව සඳහා සහභාගි වූහ.

ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ සන්නිවේදන නිලධාරී චන්න ජයවර්ධන මහතා මෙහි දේශන පැවැත්විය.

Sportswear Design | Nike Running