Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 13:57:00 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් 3 වන සන්නද්ධ බුද්ධි බලකායේ සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්, ගිරිතලේ පිහිටි 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකා මුලස්ථානය වෙත පැමිණි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, එම ඒකක අණදෙන නිලධාරි මේජර් ඩබ්.එම්.ජේ.කේ.කරුණාරත්න විසින් පිළිගන්නා ලදි.

මෙහිදි, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුනු අතර, අනතුරුව අණදෙන නිලධාරි විසින් සියලුම නිලධාරින්ව එතුමා වෙත හදුන්වා දෙනු ලැබිය.

සංචාරය අතරතුර, ආඥාපතිවරයා විසින් තම සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව නවතමයෙන් ඉදි කරන ලද මුලුතැන් ගෙය විවෘත කිරිම ද සිදු කරන ලදි.

අණදෙන නිලධාරි විසින් ආඥාපතිවරයා වෙත, තම ඒකක කාර්යභාරයන්, වර්තමාන ස්ථානගතවිම් සහ දැනට පවතින ගැටළු පිළිබඳව පුළුල් හැදින්විමක් සිදු කල අතර, අනතුරුව එතුමා විසින් සියලු නිලයින් ඇමතිම සිදු කරමින් සියලු නිල භෝජන සංග්‍රහයකට ද සහභිගි විය.

latest Nike Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%