Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 13:58:44 Hours

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ කැඩෙට් නිලධාරින් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක

දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ බදවා ගැනිම් අංක- 84 යටතේ පුහුණුව ලබන කැඩෙට් නිලධාරින් අඟහරුවාදා (20) දින ඔවුන්ගේ විෂය නිර්දේශයේ කොටසක් ලෙස බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි කැඩෙට් නිලධාරින් පිළිගැනිමේන් අනතුරුව, එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්විම යටතේ එම මුලස්ථානයේ මේජර් ආර්.එම්.එල්.ඒ. රත්නායක විසින් කැඩෙට් නිලධාරින් සඳහා එම මුලස්ථානයේ කාර්ය භාර්යන් පිළිබඳව ඉදිරිපත් කිරිමක් සිදුකරන ලදි.

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජේ. තන්ත්‍රිවත්ත, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඩි.සිරිනාග සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කැඩෙට් නිලධාරින් 40 ක්, උපදේශක නිලධාරි 4 ක් සහ සිවිල් සමාජිකයන් 10 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.

සංචාරය අවසානයේ දී කැඩෙට් නිලධාරින් විසින් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රධානය කරන ලදි.

jordan Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf