Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 13:00:48 Hours

භට පිරිස් සඳහා ගුවන් ගමන් පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක්

යුද හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත ගුවන් ගමන් සේවා පුද්ගලික සමාගමේ සේවාවන් පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (20) දින පැවැත් වුහ.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රාවණාගාරයේ දී පැවති මෙම දේශනය ගමන් පාලන අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ආර්.මුහන්දිරම් විසින් සිදු කරන ලදී.

එහිදි, එම ආයතනය මඟින් යුද හමුදා සමාජිකයන්ට සහ ඔහුගේ ළඟම ඥාතින්හට ලබා දෙන අඩු වියදම් ගුවන් ගමන් පහසුකම් සහ සේවාවන් පිළිබඳව භට පිරිස් දැනුවත් කළහ.

තවද, ඔහු ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, වැනි රටවල් හී වන්දනා සහ සංචාර සඳහා වට්ටම් සහිත ගුවන් ටිකට් පත් මිලදී ගත හැකි ආකාරය පැහැදිලි කල අතර, මෙම දේශනය සඳහා නිලධාරින් 06 ක් සහ සෙසුනිලයින් 78 දෙනෙකු සහභාගි වුහ.

Running sports | Patike