Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 13:58:43 Hours

යුද හමුදා භට පිරිස් සැත්තෑවයස ඇති මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු වෙනුවෙන් සහයෝගය

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 15 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මන්නාරම, තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේ හෘදයාබාදයකින් සිය නිවසෙහි දී මියගිය අසරණ පවුලක සැත්තෑවයසක පුද්ගලයකුගේ අවසන් අවමංගල්‍ය කටයුතු සිදුකිරිම සඳහා අවශ්‍ය සහයෝගය මාර්තු මස (05) දින ලබා දුන්හ.

එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ අසරණ තත්වය දැනගැනිමේන් පසු, ඒකකයේ අණදෙන නිලධාරිතුමාගේ උපදෙස් මත භට පිරිස් විසින් තාවකාලික වියන්, පිසින ලද ආහාර සහ අනෙකුත් අවමංගල්‍යධාර කටයුතු සහ අවශ්‍යතාවයන් සිදු කරමින් මියගිය පුද්ගලයාගේ ඥාතින්, අසල්වාසින් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ උපදෙස් මත අවමංගල කටයුතු සඳහා අවශ්‍යය සහයෝගය ලබා දෙන ලදි.

භට පිරිස් හින්දු සම්ප්‍රදායන්ට අනුව ඔහුගේ ආදාහනය සඳහා චිතකය සකස් කළ අතර, නිළධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් අවමංගල උත්සවය සඳහා සහායෝගය ලබා දිමට එක්ව සිටියහ.

අසල්වැසියන් සහ සිවිල් වැසියන්, යුද හමුදා සාමාජිකයින් විසින් ලබාදුන් සහායෝගය වෙනුවෙන් කෘතඥතාවය පලකළ සිටියහ.

Running sport media | シューズ