Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 12:50:11 Hours

භට පිරිස් සමඟ සිවිල් වැසියන් ‘සිල්’ සමාදාන්විමේ වැඩසටහනක් සඳහා සහභාගිවේ

මැදින් පොහෝය දිනය නිමිත්තෙන් සෙනසුරාදා (12) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද ‘සිල්’ සමාදාන්විමේ වැඩසටහන සඳහා රණවිරුවන් සහ සිවිල් වැසියන් සිය ගණනක් සහභාගි වූහ.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත රණවිරුවන්ගේ අධ්‍යාත්මික ගුණාංග සංවර්ධනය සහ ප්‍රජාව සමඟ සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දිඹුලාගල ප්‍රදේශයේ පිහිටි දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී වැඩසටහන පවත්වන ලදි.

මෙම ‘සිල්’ සමාදාන්විමේ වැඩසටහන අතරතුර දී, කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සුප්‍රකට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා පැය දෙකක පමණ කාලයක් ‘දහම්’ සාකච්ඡාවක් පවත්වන ලදි.

පොහෝ දින ‘සීල්’ සමාදාන්විමේ වැඩසටහන සඳහා හමුදා සාමාජිකයන් සමඟ සියලු වයස් නියෝජනය කරමින් සිවිල් බැතිමතුන් 150 ක් පමණ සහභාගි වුහ.

latest jordans | Nike Shoes