Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2017 13:01:06 Hours

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ වැඩසටහන තුලින් ශාරිරික යෝග්‍යතාවයේ වැදගත්කම අවධාරණය කෙරේ

‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක්’ යන මැයෙන් තවත් එක් වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ අධික්ෂණය යටතේ මාර්තු මස 15 සහ 16 දෙදින තුළ එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත් විය.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් සමාරම්භක දේශනය පැවැත්වු අතර, හැකි සැම අවස්ථාවකම ශාරිරික යෝග්‍යතාවය ඉහල මට්ටමක පවත්වා ගැනිමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කලහ.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I, ලුතිතන් කර්නල් කේ.ජේ.එන්.එම්.පි.කේ. නවරත්න විසින් ප්‍රධාන දේශනය සිදු කළ අතර, නිලධාරීන් 38 ක් සහ සෙසු නිලයින් 138 ක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය.

Running sneakers | Nike Air Max 270