21st March 2017 12:51:58 Hours
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 සහ 64 වන සේනාංකයන් හි සේවයෙ නියුතු භට පිරිස් සඳහා ‘සමාජ විරෝධි ක්‍රීයාවන්’ පිළිබඳව තවත් දැනුවත් කිරිමේ දේශනයන් පවත්වන ලදි.
මෙහිදි, යුද හමුදාපතිතුමන්ගේ උපදෙස් මත මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහාය ඇතිව මාර්තු මස 14 සහ 15 දිනයන් හිදී පැවති මෙම වැඩසටහන සඳහා සේනාංක මට්ටමින් යුද හමුදා සමාජිකයන් 400 ක් පමණ සහභාගී වූහ.
59 වන සේනාංකයේ පැවති දේශනය සඳහා නිලධාරින් 25 ක් සහ සෙසුනිලයින් 185 දෙනෙකු සහාභාගි වු අතර, 64 වන සේනාංකයේ දී නිලධාරින් 14 ක් සහ සෙසුනිලයින් 198 දෙනෙකු ද සහභාගි වුහ.
මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පැවති මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නිති සේවා අධ්‍යක්ෂක මණ්ඩලය, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ නාට්‍ය හා රංග කලා අධ්‍යක්ෂක මණ්ඩලය දේශන සහය ලබා දෙන ලදි.
jordan Sneakers | Nike Shoes