Header

Sri Lanka Army

Defender of the Nation

15th March 2017 14:11:55 Hours

යුද හමුදා භට පිරිස් වෙතින් ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සඳහා සහාය

ඉංග්‍රීසි බී විද්‍යාපිඨයේ සහ එහි සිසුන් විසින් සංවිධානය කරන ලද ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන බදාදා (15) දින දියතලාව ප්‍රදේශයේ පිහිටි කදුරුගොඩ ඓතිහාසික විහාරස්ථානයේ දී පැවැත්වු අතර, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විමෙන්, යුද හමුදා භට පිරිස් ඒ සඳහා සිය සහායෝගය ලබාදෙන ලදි.

කදුරුගොඩ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් පසු ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන ආරම්භ කලහ.

7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, 7 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවයේ නියුතු 60 දෙනෙකුට වැඩි හමුදා සාමාජිකයින් පිරිසක් සහ ගම්වාසින් මෙම ලේ දන්දිමේ වැඩසටහනට දායකත්වය සපයන ලදි.

Sneakers Store | Men's Sneakers