16th March 2017 10:10:40 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක භට පිරිස් සිවිල් බලධාරින්ගේ සහය ඇතිව මාර්තු මස 2 සහ 5 යන දිනයන්හි දී ඇළහැර, බකමුණ සහ කින්නියා ප්‍රදේශවල ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 22 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ පුර්ණ අධික්ෂණයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අදාල ප්‍රදේශවල වෛද්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මෙම දැනුවත් කිරිමේ වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම දෙදින වැඩසටහනේ දී රාජකාරි කරන ස්ථානයේ සහ නිවෙස් අවට පිරිසිදු වටපිටාවක් පවත්වාගැනීම තුලින් ඩෙංගු තුරන් කිරීමට හැකිවන බව වෛද්‍ය කණ්ඩායම හා භට පිරිස් විසින් ජනතාව දැනුවත් කළහ.
Sports Shoes | FASHION NEWS