Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2017 08:58:38 Hours

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ තවත් බදාදා පුහුණු වැඩසටහනක්

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හී සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් බදාදා (08) දින තවත් පුහුණු වැඩසටහනක් එම මුලස්ථාන ශ්‍රාවණාගාරයේ දී පවත්වන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ මඟපෙන්විම යටතේ මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

එහිදි, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් කේ.එස්. ද සිල්වා විසින් ‘Socialization in the age of Social Media and its Impact on younger Generation’ පිළිබඳ දේශනයක් ද සිදු කලහ.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ආර්.කේ.එන්.සි. ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ද මෙම දේශනය සඳහා සහභාගි වුහ.

Sportswear Design | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth