Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2017 14:25:40 Hours

1 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් වෙතින් ‘මැදින්’ පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහනක්

1 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් ‘මැදින්’ පොහෝ දිනය වෙනුවෙන් සෙනසුරාදා (12) දින මුලතිව් මුලදීප විහාරස්ථානයේ දී බෝධි පුජා පිංකමක් සංවිධානය කරන ලදි.

මුලදීප විහාරස්ථානයේ දී පුජ්‍ය තිස්සපුර ගුණරත්න ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කල අතර, මියගිය රණවිරුවන් වෙනුවෙන් පිං පැමිණවිමත්, සේවයේ නියුතු රණවිරුවන් වෙත ආශිර්වාද පැතීමත් සිදු කලහ.

මෙම බෝධිපුජා වැඩසටහන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත සංවිධානය කරන ලදි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම මුලස්ථානයේ කර්නල් පාලන සහ භටකාර්ය සම්පාදන කර්නල් එන්.පි.කේ. ජයවර්ධන ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike Sneakers | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify