Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2017 17:48:17 Hours

විදේශගත පරිත්‍යාගශිලීයෙකු සිය පාසලේ සිසුන් සඳහා ශිෂ්‍යත්ව ලබාදෙයි

වන්නි පදවිය, සිරිපුර පිහිටි බුද්ධන්ගල මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ ඉංජිනේරු වෘත්තීකයෙක් විසින් ඔහු ඉගෙන ගත් පාසල සඳහා කෘතගුණ සැලකීමක් ලෙස එහි ඉගෙනුම ලබන සිසුන් 03 දෙනෙකු වෙත උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිම අඟහරුවාදා (09) දින විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති උත්සවයක දී සිදුකෙරිනි.

මෙම ව්‍යාපෘතීය බ්‍රිගේඩියර් ජේ.බි. ගලගමුව (විශ්‍රාමික) විසින් සම්බන්ධිකරණය කළ අතර, එක්සත් රාජධානියේ පිහිටි ඊ ටෙක්ස්ටයිල්ස් ආයතනයේ ආචාර්ය අරුණ රත්නායකගේ අනුග්‍රහයෙන් එම විදුහලෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තේරී පත් වූ සිසුන් දෙදෙනෙකු සහ දැනට යාපනය විශ්ව විද්‍යාලයේ වානිජ අංශයේ ඉගෙනුම ලබන එක් සිසුවෙකු සඳහා මෙම ශිෂ්‍යත්ව ලබාදෙන ලදි. ඒ අනුව එක් සිසුවෙකුට විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිමවන තුරු මසකට රුපියල් 3000/= බැගින් පිරිනමනු ලැබේ.

බ්‍රිගේඩියර් ජේ.පී. ගලගමුව (විශ්‍රාමික) සමඟ සම්බන්ධතාවයෙන් යුතුව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ සහ 621 බලසේනාවේ බලසේනාධිපති කර්නල් පි.එස්.කේ. සංජීව විසින් සංවිධානය කළ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී ආචාර්ය අරුණ රත්නායක සභාව අමතමින්, 2007 වර්ෂයට පෙර ඔහු එල්ටිටිඊ ත්‍රස්තවාදයට මුහුණදෙමින් ජිවිත අවධානම මැද මෙම පාසලේහි අධ්‍යාපනය ලැබූ කාලය ද සිහිපත් කරන ලද අතර එම වකවානුවේ එල්ටිටිඊ ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ අධ්‍යාපනය නොකඩවා සිදුකිරිම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ලබාදුන් අසමසම දායකත්වය වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පුද කිරිමට ද ඔහු මෙහිදි අමතක නොකළහ.

විදුහලේ විදුහල්පති, ගුරුවරුන්, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ. විජේසිංහ, 621 බලසේනාවේ බලසේනාධිපති කර්නල් පි.එස්.කේ. සංජීව, 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, සිසුන් සහ සිවිල් වැසියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

best Running shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ