Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2017 17:09:03 Hours

‘ජලභිතිකා රෝගය වළක්වා ගැනීම’ පිළිබඳව මධ්‍යම භට පිරිස් දැනුවත් කෙරේ

ජලභිතිකා රෝගය වළක්වා ගැනීම පිළිබඳව සියලු නිලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (08) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන දේශන ශාලාවේ දී පවත්වන ලදි.

කොළඹ ජාතික රෝහලේ ජලභිතිකා රෝග මර්ධන ඒකකයේ ප්‍රධානි වෛද්‍ය අමිල ගුණසේකර මහතා ඇතුලු කාර්ය මණ්ඩලය විසින් මෙම දේශනය මෙහෙය වූ අතර, ඒ සඳහා එම ආරක්ෂක මුලස්ථානයට අයත් 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහ හම්බන්තොට, මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සේවයේ නියිතු යුද හමුදා සාමාජිකයින් සහභාගි වූහ.

මෙම දේශනය මඟින් රෝගකාරක සුනඛයෙකු සපාකෑ අවස්ථාවක සහ සපා කෑමෙන් අනතුරුව ගතයුතු ක්‍රියාමාර්ග, ප්‍රතිකාර, එය වැළැක්විම, ප්‍රාදේශීය බලධාරීන්ගේ වගකීම, මහජනතාවගේ වගකීම සහ වෛද්‍ය පිළිවෙත වැනි කරුණු පිළිබඳව භට පිරිස් දැනුවත් කළහ.

latest Running Sneakers | UOMO, SCARPE