13th March 2017 17:01:55 Hours
සන්නද්ධ බුද්ධි බලකායෙහි නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් ජි.ආර්.එච් ඩයස්, සිකුරාදා (10) දින අම්බලන්ගොඩ කරන්දෙණිය පිහිටි සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි පැවති චාම් උත්සවයක දී නව ධූරයෙහි රාජකාරී භාරගනු ලැබීය.
එහිදි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් නව කර්නල් සේනාවිධායක පිළිගත් අතර, සන්නද්ධ බුද්ධි බලකා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.
අනතුරුව, මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් විසින් සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කළහ. අනතුරුව භට පිරිස් විසින් සරඹ භුමියේ දී නව කර්නල් සේනාවිධායක වෙත ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.
එමෙන්ම, මේජර් ජෙනරාල් ජී.ආර්.එච් ඩයස් විසින් නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාර ගත් අතර, මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කළහ.
තවද, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇමතීම, සියලු නිල දිවාභෝජන සංග්‍රහයට සහභාගිවීම සහ ඔවුන් සමඟින් සුහඳ කතාබහක නිරතවීම ද මේජර් ජෙනරාල් ජි.ආර්.එච්. ඩයස් විසින් එහිදි සිදු කරන ලදි.
jordan Sneakers | nike air speed turf rose gold price per gram