Header

Sri Lanka Army

Defender of the Nation

13th March 2017 17:45:10 Hours

ඉන්දියානු නව ආරක්ෂක උපදේශක යාපනය ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහාකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ සිය උතුරු සංචාරයේ දී සිකුරාදා (10) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙහිදි ඔවුන් විසින් ද්විපාර්ශික වැදගත් කරුණු, ඉන්දීය යුද හමුදාවේ පුහුණු ආකෘතින්, යාපනය අර්ධද්විපයේ ආරක්ෂාව, රජයේ සංහිඳියා වැඩපිළිවෙල ආදිය පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙම සුහඳ හමුව අවසානයේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහ කපිතාන් අශෝක් රාඕ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි. එසේම කපිතාන් අශෝක් රාඕ විසින් විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

buy shoes | シューズ